FAST NEWS

24×7 Around the Globe

ලංගම වර්ජනය අඛණ්ඩව – විසඳුම් සොයා අදත් සාකච්ඡා

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජාතික සේවක සංගමයේ ලංගම ශාඛාවේ සේවකයන් පිරිසක් විසින් අඛණ්ඩව සිදුකරනු ලබන වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඊයේ (12) දිනයේත් පැවැත්වූ සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩල සේවකයන් සමග ප්‍රවාහන බලධාරින් මෙම සාකච්ඡාව සදහා එක්ව සිටි අතර , වර්ජනයේ නිරත සේවකයන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් අද (13) දිනයේදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ජාතික සේවක සංගමයේ ලංගම ශාඛාවේ සේවකයන් පිරිසක් අඛන්ඩ වර්ජනයක නිරත වන්නේ අවිධිමත් ආකාරයෙන් ලබාදී ඇති පත්වීම් කිහිපයක් විධිමත් කරන ලෙස ඉල්ලමින්.

මෙම වර්ජනය හේතුවෙන් ඩිපෝ 30 ක පමණ ප්‍රවාහන කටයුතුවලට බාධා එල්ලවී ඇති බවයි ලංකා ගමනාගමන මන්ඩලයේ සභාපති උපාලි මාරසිංහ මහතා  කියා සිටියේය.