(ෆාස්ට් නිව්ස්- කොළඹ) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (13 ) ටජිකිස්තානය බලා පිටත්ව යන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ටජිකිස්තානයේ දුෂන්ඩෙයි නගරයේදී හෙට (14 ) පැවැත්වෙන ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ කි‍්‍රයාමාර්ග පිළිබඳ සමුළුව සඳහා සහභාගි වීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ බව පැවසේ.
ආසියාවේ රාජ්‍ය නායකයින් රැසකගේ සහභාගිත්වයෙන් පස්වැනි වරට පැවැත්වෙන මෙම සමුළුව අනිද්දා (15) නිමාවට පත්වන අතර ජනාධිපතිවරයා ලබන 16 වැනිදා යළි දිවයිනට පැමීණිමට නියමීතය.
කුෂාන් සුබසිංහ, අකිත පෙරේරා








