FAST NEWS

24×7 Around the Globe

වායු නිසා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වෙරළ කලාපයට දැඩි අනතුරු ඇඟවීම්

 

වායු සුලිකුණාටුව හේතුවෙන් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වෙරළ කලාපයට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

මේ වනවිට සුළි කුණාටුව අධි අවධානම් තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව ප පැවසේ.

හෙට (13) පෙරවරුවේ ගුජරාට් වෙරළට කඩා වැදීමට නියමිත සුළි කුණාටුව මේ වනවිට ගුජරාටහී වේරාවල් ප්‍රදේශයට කිලෝමීටර් 630 ක් ඔබ්බෙන් ස්ථානගතව ඇති බව සඳහන් වේ.

මේ වනවිට වායු සුළි කුණාටු පද්ධතිය පැයට කිලෝ මීටර 17 ක වේගයකින් උතුරු දිශාවට ගමන් ගන්නා බවත් මෙම කුණාටුව හේතුවෙන් පැයට කිලෝමීටර 135 ක වේගයෙන් සුළං හමායනු ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කර තිබේ.

මෙම සුළි කුණාටුවෙන් මහාරාෂ්ට්‍ර, ගෝවා, කර්ණාටක, දමන් සහ ඩියු යන ප්‍රදේශ ද බලපෑමට ලක්වනු ඇතැයි සඳහන් වේ.

මේ හමුවේ ප්‍රාන්තයේ වෙරළබඩ කලාපයේ පිහිටි පාසල් සහ විද්‍යාල අද සහ හෙට දෙදින වසා තැබීමට ද ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.