(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රෙල් 21 දිවයිනට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ අයි එස් සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයන් රැඳී සිටි බවට විශ්වාස කෙරෙන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ස්ථාන 07 ක් ඉන්දීය ජාතික බුද්ධි කාර්යාංශය විසින් පරීක්ෂා කර ඇති බව වාර්තා වෙයි.
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයන් 21 දෙනෙකු අයි එස් සංවිධානය සමග සම්බන්ධවීමට ඇෆ්ඝනිස්ථානය බලා පිටත්ව ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ අතර , පාස්කු ඉරිදා සැකකරුවන්ට ඉන්දීය සබඳතා තිබුණේදැයි විමර්ශනය සදහා ඉන්දීය ජාතික බුද්ධි කාර්යාංශයේ නිළධාරීන් දෙදෙනෙකු පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.








