FAST NEWS

24×7 Around the Globe

දන්කොටුව බුජ්ජම්පොල බෝධියපුර නොසන්සුන් කළ 03 ක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දන්කොටුව පොලිස් වසමේ බුජ්ජම්පොල බෝධියපුර ප්‍රදේශයේ පසුගිය මැයි මස 13 දා ඇති වු නොසන්සුන්කාරි තත්වයට වග කිවයුතු පුද්ගලයන් තිදෙනෙක්ව ඊයේ (11) සැකපිට අත් අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.

බුජ්ජම්පොල පදිංචි වයස අවුරුදු 30 ත් 40 ත් අතර වයසේ පසුවන තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නොසන්සුන්කාරි තත්වය හේතුවෙන් බෝධියපුර ප්‍රදේශයේ නිවාස කීපයකට හානි වි තිබුණි.

එම නොසන්සුන්කාරි තත්වය ඇති කිරිමට හා එයට සම්බන්ධ වු පිරිස් සම්බන්ධයෙන් සිදුකල සියුම් විමර්ශනයකින් අනතුරුව සැකපිට මෙම පුද්ගලයන්ව අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය.

දන්කොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත විශේශ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන්ව අත් අඩංගුවට ගෙන තිබේ.