FAST NEWS

24×7 Around the Globe

වදක තනතුර සඳහා තෝරාගත් අයට විශේෂ පුහුණුවක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මරණ දණ්ඩනය ලබාදීමට ජනපති විසින් ගනු ලැබූ තීරණයත් සමග වදක තනතුර සඳහා තෝරාගත් පුද්ගලයන්ට රාජ්‍ය සේවය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව ඊයේ (11) සහ අද (12) දිනයන්හි මෙම පුහුණුව සිදුකෙරෙන අතර රාජ්‍ය සේවයේ මූලික ක්‍රියාවලි සහ සේවයට අදාල පුහුණුව බන්ධනාගාර පුහුණු ආයතනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පසුගියදා කැඳවනු ලැබූ නාම යෝජනාවලින් තෝරාගත් පුද්ගලයින් 26 දෙනෙකු මෙම විශේෂ පුහුණුව සඳහා අනියුක්ත තිබේ.

එම පුහුණුවෙන් පසු වදක තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනෙකු තොරා ගනු ඇත.