FAST NEWS

24×7 Around the Globe

ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු 02 ක කප් සිටුවිමෙන් ආරම්භ වෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය 2019 අගෝස්තු 02 වැනි දින පෙරවරු 5.10 ට යෙදෙන සුභ මොහොතින් සිදු කෙරන කප් සිටුවිමෙන් ආරම්භ වන බව දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මහතා පවසයි.

කප් සිටුවීමෙන් ආරම්භ කෙරෙන පෙරහැර මංගල්‍යය අගෝස්තු 15 වැනි දින පැවැත්වෙන බවත් දහවල් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව දිය කැපිමෙන් නිමාවට පත් කරන බවද දියවඩන නිලමේවරයා තවදුරටත් පවසයි.

ඒ අනුව ප්‍රථම කුඔල් පෙරහැර අගෝස්තු 05 වැනි දින ආරම්භ වී අගෝස්තු 09 වැනි දින දක්වා පුරා දින 05ක කාලයක් පැවැත්වේ.

අගෝස්තු 10 වැනි දින ආරම්භ කෙරෙන රන්දෝලි පෙරහැර 14 වැනි දින දක්වා වීදි සංචාරය කිරීමට නියමිත අතර, අගෝස්තු 15 වැනි දින පැවැත්වෙන දහවල් පෙරහැරත් සමග පෙරහැර අවසන් වීමට නියමිතය.