FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට වැසි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දිවයිනේ උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (12) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

බස්නාහිර, දකුණු,මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වන බවත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද , බදුල්ල, අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල මද වැසි ඇති විය හැකි බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.

උතුරු,උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.