FAST NEWS

24×7 Around the Globe

ළමා ශ‍්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ දමයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2025 වසර වනවිට මෙරටින් ළමා ශ‍්‍රමය තුරන් කිරීම අරමුණ ඇතිව ළමා ශ‍්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ දක්වා ළමා ශ‍්‍රමික වයස් සීමාව ලෙස සැලකුනේ අවුරුදු 14 යි.

වයස් සීමාව සංශෝධනය කිරීමට අදාළ කම්කරු නීති මේ වනවිට කෙටුම්පත් කර ඇති බව අමාත්‍යාංශ ලේකම් ආර්. ටී. ආර්. රාජපක්ෂ පැවසීය.