FAST NEWS

24×7 Around the Globe

කුසුම්දාස හා පියදාස සම්බන්ධ අල්ලස් විමර්ශන අවසන්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  අල්ලස් සිද්ධියකට අදාළ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා සම්බන්ධයෙන් කරන ලද විමර්ශන අවසන් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද(11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී මහාධිකරණයේ නඩු පැවරීමට සූදානම් කර ඇතැයිද එම කොමීසම පෙන්වා දුන්නේය.

සැප්තැම්බර් 10 වන දින යළි එම නඩුව කැඳවීමට නියම විය.