FAST NEWS

24×7 Around the Globe

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය 14 සිට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එළැඹෙන පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරය බලා යන සැදැහැවතුන්ගේ පහසුව උදෙසා විශේෂ දුම්රිය ධාවනයක් 14 වැනිදා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එදින පස්වරු 12.45 , 15 වැනිදා අඑයම 03.30 ට , පෙරවරු 08.20 ට , පස්වරු 12.45 ට හා පස්වරු 06.10 ට විශේෂ දුම්රිය අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙන බව එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරියේ ගාමිණී සෙනවිරත්න මහතා පවසයි.

පොසොන් පොහෝ දින අළුයම 03.30 ට , පෙරවරු 09.00 හා පස්වරු 06.10 ට දුම්රිය වාර තුනක් අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙනු ඇත.

මිහින්තලේ රාත්‍රී පෙරහැර මෙවර නොපැවැත්වෙන අතර , සෙසු සියලු ආගමික වැඩසටහන් නියමිත පරිදි සංවිධාන කර ඇත.

ජය ශ්‍රී මහ බෝ සමිඳුන්වහන්සේ අභියස පැවැත්වෙන සති පිරිත් දේශනය හෙටින් ආරම්භ වේ.

මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ පාසල්වල හෙට සිට ලබන 16 වනදා දක්වා දීප ව්‍යප්ත වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවේ.