FAST NEWS

24×7 Around the Globe

ලංගම සේවකයින් පිරිසක් සිරිකොත ඉදිරිපිට විරෝධතාවයක

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ජාතික සේවක සංගමයට අයත් ලංගම සේවකයින් පිරිසක් විසින් ඊයේ (10) ආරම්භ කළ විරෝධතාවය මේ වනවිටත් ක්‍රියාත්මකව පවතියි.

විරෝධතාකරුවන් පවසන්නේ තමන්ගේ ගැටළු විසදීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු වගකිව යුතු ඇමැතිවරයෙක් නොපැමිණි බවයි.

මේ හේතුවෙන් අද (11) දිනයේත් සිරිකොත පක්ෂ මූලස්ථාන පිවිසුම අවහිර කරමින් අඛණ්ඩව සිය විරෝධය දක්වන බව ඔවුන් සදහන් කළේය.

ඔවුන් සිය ගැටළු පිළිබදව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමග සාකච්ඡා කිරීමේ අරමුණින් ඊයේ දින සිට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ රැදී සිටියි.