FAST NEWS

24×7 Around the Globe

තේරීම් කාරක සභාව අද (11) යළිත් රැස්වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පස්වරු 02 ට එහි වැඩබලන සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් යළි රැස්වීමට නියමිතයි.

තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අද කැඳවා තිබෙන අතර , ඔහුට අමතරව සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්. රිස්වි මවුලවිතුමන් සහ කාන්තන්කුඩි මුස්ලිම් දේවස්ථාන සංගමයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ද කැඳවා තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පසුගිය බ්‍රහස්පතින්දා තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නේය.