(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරිති දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් මේ දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් හෙට (12) දින සිට බලාපොරොත්තු විය හැකි බවත්, නමුත් ඉදිරි සතිය පුරා වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව පවතින තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපය පුරා පැවැතිය හැකි බවත්, අද දිනයේදී බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව හා වයඹ යන පළාත්වලට විටින්විට මිලිමීටර් 75 ක් තරම් වූ තදවැසි ඇතිවිය හැකි බවත් කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය සඳහන් කළාය.
අනුරාධපුර, වවුනියාව, මන්නාරම යන දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් අපේක්ෂා කරයි.
උතුර, උතුරු මැද, වයඹ යන පළාත්වල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යාහැකි අතර , සෙසු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැක.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යාහැකි බවත්, අකුණු අනතුරු අවම කර ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවත් සචින්තා ජයසේකර මහත්මිය සඳහන් කළාය.
මේ අතර, ඊයේ (10) දින පෙරවරු 8.30 අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 130 ක ප්‍රමාණය කෑගල්ල, වේවැල්තලාව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.








