FAST NEWS

24×7 Around the Globe

නිරිත දිග මෝසම හේතුවෙන් රත්නපුරයට ගංවතුර අවධානම

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් කළු ගගේ ජල මට්ටමද වැඩිවෙමින් තිබෙන අතර , මේ වන විට එම මට්ටම මීටර් 04 ඉක්මවා ඇති බැවින් අද දින (10) වර්ෂාව වැඩි වුවහොත් ගංවතුර අවධානමක් ඇතිවන බවද රත්නපුර දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිණේරු අරුණ සමරතුංග මහතා සදහන් කරයි.

මේ වන තෙක් බරපතල සිද්දීන් වාර්තා වී නැති නමුත් ස්ථාන කිහිපයක ඉවුරු කඩා වැටීම් සිදුව තිබෙන නිසා වැස්ස තව තවත් තීව්‍ර වීමෙන් නාය යාමේ අවධානමක් මතුව තිබෙන බව ඔහු අවධාරණය කරයි.

යම් ස්ථානයක නාය යාම් ලක්ෂන දුටුවහොත් වහාම එම ස්ථාන වලින් ඉවත්ව අදාල අංශ දැනුවත් කරන ලෙසට ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.