FAST NEWS

24×7 Around the Globe

පොසොන් පොහොයට පාසල් එකොළහක් 11 වැසෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොසොන් සමය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් එකොළහක් (11) වසා දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එ‍ළඹෙන (15) වනදා සිට (18) වනදා දක්වා පොසොන් සමයේ ආරක්ෂාව සදහා යොදවා ඇති ආරක්ෂක අංශ නිළධාරීන් හට පහසුකම් සැළසීම වෙනුවෙන් මෙලෙස පාසල් වසා දැමීමට තීරණය කර තිබේ.

අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් අ/මධ්‍ය මහා විද්‍යාලය, අ/මහ බෝධිමහා විද්‍යාලය, අ/සහිරා ජාතික පාසල, අ/වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, අ/ස්වර්ණපාලි බාළිකා මහා විද්‍යාලය, අ/විවේකානන්ද විද්‍යාලය, අ/ ශාන්ත ජෝශප් මහා විද්‍යාලය, තන්තිරිමලය විමලඥාන මහා විද්‍යාලය, අ/ දේවානම් පියතිස්ස මහා විද්‍යාලය යන විද්‍යාල ඒ සදහා යොදා ගැනේ.

ගලෙන්බිදුනුවැව අධ්‍යාපන කළාපයට අයත් අ/මිහින්තලා මහා විද්‍යාලය හා අ/කම්මලක් කුලම විද්‍යාලයද වසා දැමීමට පියවර ගෙන ඇති අතර , මෙලෙස වසා දැමෙන පාසල් යළි ලබන 19 වනදා ආරම්භ වනු ඇත.