FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන්තොටුපලේහි ඇතුල් වීමේ සහ පිටවීමේ ආලින්දයන් නැවත විවෘතයි

(ෆාස්ට් නිව්ස් – ෙකාළඹ) – පාස්කු ඉරුදින ආරක්ෂක හෙතුන් මත ගුවන්තොටුපලේහි වසා දමා තිබු ඇතුල් වීමේ සහ පිටවීමේ ආලින්දයන් මේ වන විට නැවතත් මහජනතාවට විවෘත කළ බව සීමා සහිත ගුවන් තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා ) සමාගමේ සභාපති ධම්මික පෙරේරා මහතා සඳහන් කළේය.

ඒ අනුව අද (10) මධ්‍යන 12 සිට මෙලෙස ඇතුල් වීමේ සහ පිටවීමේ අලින්දය විවෘත කළ බව ඔහු පැවසීය.

කෙසේ වෙතත් මෙ වන විට එක් මගීයෙකු සමඟ තවත් දෙදෙනෙකුට පමණක් ඇතුල් වීමේ ආලින්දයෙන් ගුවන්තොටුපලේ අභ්‍යන්තරයට ඇතුවිය හැකි බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.