(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිදා දින දිවයින තුළ සිදුවු පිපිරීම් ආශ්රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව අද (10) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.
පරික්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව ඇත.
පසුගිය අප්‍රේල් 22 වනදා ජනාධිපතිවරයා විසින් මෙම පරීක්ෂණ මණ්ඩලය පත් කළේය.
අදියර දෙකකින් සමන්විත වූ එම පරික්ෂණ කටයුතුවල අතුරු වාර්තා දෙකක් මීට පෙර ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.








