(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමාජ මාධ්‍ය හරහා වෛරීසහගත ප්‍රකාශ නිකුත්වූ අවස්ථා 90 කට අධික ප්‍රමාණයක් නිරීක්ෂණය කර ඇති බවත් , ඒවා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරයි.
Facebook, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය හරහා ජාතීන් අතර ගැටලු ඇතිවන අයුරින් නිකුත් කෙරෙන වෛරීසහගත ප්‍රකාශ පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් ද පිහිටුවා තිබේ.








