FAST NEWS

24×7 Around the Globe

කන්තලේ ප්‍රදේශ හතරකට හෙට (11) ජලය කපයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කන්තලේ ජල නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (11) පැය 21 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව හෙට (11) දහවල් 12.00 සිට 12 වැනි බදාදා පෙරවරු 9.00 තෙක්  තඹලගමුව, ත්‍රිකුණාමල නගරය සහ ඒ අතරතුර ඇති සියලුම මාර්ග, කින්නියා බල ප්‍රදේශය සහ කුච්චවේලි බල ප්‍රදේශයෙන් කොටසකට මෙම කාලය තුළ ජල සැපයුම් අත්හිටුවනු ලැබේ.

මේ නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද  ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.