(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍ර නිසි පරිදි නිවාස වෙත ලබා දෙන්නේ ද යන්න පිළිබදව සොයා බැලීමට මැතිවරණ මහලේකම් කාර්යාලය මඟින් නිරීක්ෂණ කණ්ඩායමක් පත්කර තිබේ.
ඇතැම් බී සී ආකෘති පත්‍ර නිවාසවලට ලබා නොදී ග්‍රාම නිළධාරීන් විසින්ම ඒවා පුරවා මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත ලබාදී ඇති බවට වාර්තා වී තිබේ.
එම ආකෘති පත්‍ර නිවාස වෙත බෙදා හැරීමේ කටයුතු මේ දිනවල ග්‍රාම නිලධාරීවරුන්ගේ මාර්ගයෙන් සිදු කෙරෙන අතර ඇතැම් ග්‍රාම නිලධාරීවරුන්ගේ ක්‍රියා කලාපයන් පිලිබඳ පැමිණිලි ලැබී ඇති බවත් වාර්තා වේ.
අදාළ තත්ත්වය සැළකිල්ලට ගනිමින් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ කණ්ඩායම් පත් කර ඇත.








