(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජංගම ලී මෝල් තහනම් කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් 1891/26 දරන දැව මඩු ලියාපදිංචිය සහ දේපළ සලකුණ පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට නියමිත බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
එමගින් සාම්ප්‍රදායික වඩුමඩු තහනම් නොවන බවත්, 2022 දෙසැම්බර් 31 වැනිදායින් පසු ජංගම ලීමෝල් පවත්වාගෙන යෑම තහනම් වන බවත් එම අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මේ වන විට දිවයින පුරා ලියාපදිංචි කර ඇති ජංගම ලීමෝල් 300 ක්.
2022.12.31 වැනිදායින් පසු තහනම් වන්නේ මෙම ලීමෝල් පමණක් බව අදාළ නිවේදනය මගින් පෙන්වාදී තිබේ.
එමෙන්ම නීත්‍යානුකූල ක්‍රමවේදය යටතේ ලී ලබාගන්නා අයට සාම්ප්‍රදායික වඩු කර්මාන්තයේ යෙදීමට බාධාවක් නොවන බවත්, නීත්‍යනුකූලව පවත්වාගෙන යන දැව මඩුවල දෛනික ගනුදෙනු පිළිබඳ වාර්තා පවත්වාගෙන යායුතු අතර, එක් එක් මාසය අවසානයේ සහතික කළ පිටපතක් අදාළ ප්‍රදේශයේ වන අඩවි නිලධාරීවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතු බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.








