FAST NEWS

24×7 Around the Globe

පොසොන් දන්සැල් ලියාපදිංචිය 15 තෙක්

(ෆාස්ට් නිව්ස්  – කොළඹ) – පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල් අනිවාරයෙන්ම ලියාපදිංචි කල යුතුබව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහින්ද්‍ර බාලසූරිය මහතා පැවසීය.

දන්සැල් ලියාපදිංචි කිරීමට අදාළ අයදුම්පත් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ලබාගත හැකි අතර, ලබන 15 වනදා දක්වා දන්සැල් ලියාපදිංචි කිරිම සිදු කළ හැකි බවද හෙතෙම පැවසීය.