FAST NEWS

24×7 Around the Globe

මන්නාරමේදී බීඩිකොළ තොගයක් සොයා ගනී

(ෆාස්ට් නිව්ස්|කොළඹ) – බීඩිකොළ කිලෝග්‍රෑම් 361 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසයි.

ඊයේ මන්නාරම,එරුක්කලම්පිට්ටි, නම වන පටුමඟ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මෙම බීඩිකොළ තොගය සොයාගෙන ඇත.

මන්නාරම දිසා විෂ මත්ද්‍රව්‍ය නාශකයේ නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඇසුරුම් 12 ක් තුළ අදාළ බීඩි කොළ අසුරා තිබු අතර, සැකකරු කලෙක පටන් මෙම ජාවාරම සිදුකළ පුද්ගලයෙකු බව අනාවරණය වි ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේය.

පොලිසිය පැවසූවේ ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් තීරු බදු රහිතව මන්නාරම වෙත බීඩි කොළ රැගෙන එන ජාවාරම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වි ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු හා බීඩි කොළ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.