(ෆාස්ට් නිව්ස්|වැල්ලවාය) – වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ ආදාවෙලයාය ප්‍රදේශයේ දී නිදන් සොයා කැනීම් කල පිරිසක් අත්අඩංගුවට ගැනේ.
සැකකාරියක ඇතුළු සැකකරුවන් දොලොස් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (08) රාත්‍රීයේ වැල්ලවාය පොලිසියේ නිලධාරින් විසින් සිදු කළ සොදෙසි මෙහෙයුමකදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
ආදාවෙලයාය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මෙම කැනීම් සිදු කළ අතර මෙම සිදුවීමේ යාග සහ කපු වැඩ පවත්වා ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකාරිය බව වාර්තා වේ.
වයස අවුරුදු 24ත් 54ත් අතරේ පසුවන්නන් වන ඔවුන් පානදුර සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද(9) ඉදිරිපත් කීරීමට නියමිතය.








