FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය අගමැති දිවයිනට පැමිණෙයි

(ෆාස්ට් නිව්ස්|කොළඹ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරතවේ.

පෙරවරු 11ට පමණ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණි බව අප වාර්තාකරු පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.