FAST NEWS

24×7 Around the Globe

අගමැති මෝදි දිවයිනට

(ෆාස්ට් නිව්ස්|කොළඹ ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ අනුව අග්‍රාමාත්‍ය මෝදි පිලිගැනීමේ උත්සවය අද දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන බව  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙහිදී දෙරටේ රාජ්‍ය නායකයින්ගේ නිල හමුවකද පැවැත්වේ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිළිගැන්වීමට ද නියමිතය.

දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුවට එක්වූයේ ද ජනාධිපතිවරයා සමග වන අතර, එහිදී කළ නිල ආරාධනයට අනුව ඔහු මෙරට සංචාරයක නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව මෙරට සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය නායකයා වන්නේ ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයායි.