(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන ජුලි මාසයේදී උතුරු කොළඹ පැල්පත් නිවාසවල ජීවත් වන ජනතාව වෙනුවෙන් නිවාස 7500 ක් ලබන ලබාදීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
ඒ අනුව නිවාස 2500 බැගින් ඇතුළත් නිවාස ව්‍යාපෘති 03 ක් ලබා දීමට නියමිතව තිබේ.
ටෙන්ඩර් පටිපාටියකට අනුව අදාල නිවාස ඉදිකිරීම සඳහා ඉදිකිරීම් ආයතනවල සහය ලබා ගැනීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.








