(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (07) මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ දී සන්නිවේදන උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සහ චීන ජාතිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.
දත්ත සක්‍රිය කර තිබූ අයිෆෝන් 402 ක්, සිම්කාඞ්පත් 17,400 ක්, රවුටර්ස් 60 ක් සහ අධි සන්නිවේදන උපකරණ සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරුවන් විශේෂයෙන් ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ලබා ගැනීම ඇතුළු සන්නිවේදන ක්‍රියාවලියේදී වංචා සිදුකළ බවට අනාවරණ වී තිබෙන බව පොලිසිය පවසයි.








