FAST NEWS

24×7 Around the Globe

සළුසලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරින්නැයි ජනපතිගෙන් උපදෙස්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයට බරක්ව ඇති සහ නිසි අයුරින් ක්‍රියාත්මක නොවන සළුසලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාල බලධාරින්ට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග මාසිකව පැවැත්වෙන රැස්වීමේදී උපදෙස් ලබාදී ඇත.

සළුසල ආයතනය අයත් ජාවත්ත ප්‍රදේශයේ පිහිටි ඉඩම පොලිස් දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිකිරීම සදහා ලබාදෙන ලෙසට ද අදාල අමාත්‍යංශයේ ලේකම්වරයාට ජනාධිපතිතුමා උපදෙස් ලබාදී තිබේ.