(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 වනදා පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කල ජනාධිපති විමර්ශන කමිටුව සිය පරීක්ෂණ අවසන් කර තිබෙන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සදහන් කරයි.
ඔවුන් මේ වනවිට සිය අවසන් වාර්තාව සකස් කරමින් සිටින බවත් , ජනාධිපති ලේකම් කාර්යාලය පාර්ලිමේන්තුව වෙත එවා ඇති වාර්තාවක එය දැක්වෙන බවත් ඔහු පවසා සිටියේය.
ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අසා තිබූ ප්‍රශ්න කිහිපයකට අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නේය.








