FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් යළිත් වරක් ජාත්‍යන්තරයේ ඇගයීමට පාත්‍ර වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නියමිත වේලාවට ගුවන් ගමන් සිදුකරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය නැවත වරක් තේරී පත්වී ඇත.

ඒ පසුගිය මාසයේදී ගුවන් වාර අතුරින් 90 % යි දසම 7 යි 5 ක් නියමිත වේලාවටම සිදුකිරීමෙන්.

අඛණ්ඩව මාස 12 ක් තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම තත්ත්වය අත්කරගත් දෙවන අවස්ථාව මෙය වන අතර , පසුගිය සැප්තැම්බර් මාසයේදීද ඔවුන් සියයට 91 යි දසම 3 යි 7 ක අගයක් පවත්වා ගනිමින් නියමිත වේලාවට ගුවන් ගමන් සිදුකරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය බවට නම් කර තිබේ.