FAST NEWS

24×7 Around the Globe

පුජීත් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමීණෙයි

 

( ෆාස්ට් නිව්ස් – කොළඹ) – තමාව අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මීට සුළු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණි බව අප අධිකරණ වාර්තාකරු පවසයි.

එම පෙත්සම අද (07) කැදවා ඇති හෙයින් ඊට පෙනී සිටීම සඳහා පූජිත් ජයසුන්දර මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමීණ තිබෙ.

තමා අනිවාර්ය නිවාඩු යැවීම නීතිවිරෝධී යැයි පවසා ව්‍යවස්ථාදායක සභාව ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමීන් පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගිය මැයි මස 29 වන දා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.