(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හෙට (08) පෙරවරු 9.00 සිට පසුදා පෙරවරු 9.00 දක්වා පැය 24 ක කාලයක් හෝකන්දර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එසේම අදාළ කාලය තුළ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශවලටත්, මහරගම, බොරලැස්ගමුව, නගර සභා බල ප්‍රදේශවලටත්, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලැබෙන බව එම මණ්ඩලය කියයි.
ඊට අමතරව රත්මලාන හා සොයිසාපුර මහල් නිවාසවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.
නගර සංවර්ධන සැලසුමක් මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතුව බව එම මණ්ඩලය වැඩි දුරටත් කියයි.








