FAST NEWS

24×7 Around the Globe

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණේ පස්වන සාකච්ඡාව අද

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා මාලාවේ පස්වැන්න විපක්ෂ නායක කාර්යාලයේදී අද (07) පෙරවරුවේ පැවැත්වෙයි.

නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා මෙම සාකච්ඡාව පවත්වනු ලැබේ.

මීට අදාළ වන සාකච්ඡාවන් අද දිනයේ සිදුකිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේය.