FAST NEWS

24×7 Around the Globe

අනිද්දා පැය 24 ක කාලයක් කොළඹට අඩු පීඩනයෙන් ජලය

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනිද්දා (08) පෙරවරු 9.00 සිට පැය 24 ක කාලයක් හෝකන්දර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන අතර, කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයකින් ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සිදුකරනු ලබන කොළඹ නගරය සංවර්ධන කිිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් මෙම පියවර ගනු ලැබේ.

ඒ අනුව, අදාළ කාලය තුළ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.