FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය ධූර භාරගන්නැයි කළ ඉල්ලිම පිළිබඳ මහ නා හිමිවරුන් බැහ දැක සකච්ඡා කරනවා – හකීම්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අමාත්‍ය ධූරවල වගකීම නැවත භාරගන්නා ලෙස ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් උන්වහන්සේලා බැහැදැක සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.

මුස්ලිම් ජනතාව මුහුණ දී ඇති තත්ත්වය අවබෝධ කරගෙන එවන් ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේලාට ස්තුතිවන්ත වන බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.

තමන් මෙම තීරණය ගැනීමට හේතු වූ කරුණු මහ නා හිමිවරුන් හමුවී පැහැදිලි කරදීමට බලාපොරොත්තු වන බව කී හකීම් මහතා පැවසීය.