(ෆාස්ට් නිව්ස් – කොළඹ) – විදුලි බල මණ්ඩලයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන ඉරිදා (09) උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කැළණිය, පෑළියගොඩ, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටුනායක සීදූව, නගර සභා හා ප්‍රාදේශීය සභා බලප්‍රදේශයන්ට මෙම අත්හිටුවිම සිදු කෙරෙන බව එම මණ්ඩලය කියයි.








