(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අසත්‍ය ප්‍රවෘත්ති සහ වෛරී ප්‍රකාශන සඳහා නීතිමය පියවර ගැනීමට දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව අසත්‍ය ප්‍රවෘත්ති වරද සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට පත්වන තැනැත්තෙකුට රුපියල් දස ලක්ෂයක් දක්වා වන දඩයක් හෝ වසර 05 කට නොවැඩි සිර දඩුවමක් නියම කිරීමට හෝ එම දඩුවම් දෙකටම යටත් වන පරිදි නීති සංශෝධනය කිරීමට නියමිතයි.










