FAST NEWS

24×7 Around the Globe

අදත් නිරිතදිග කොටසට වැසි හා සුළං

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (05) දිනයේත් දිවයිනේ නිරිතදිග කොටසේ  වැසි සහ සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 දක්වා තද වැසි අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් බස්නාහාර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් පැයට කිලෝමිටර් 40 – 50 ත් දක්වා තරමක තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.