FAST NEWS

24×7 Around the Globe

වැල්ලවත්ත සහ ගල්කිස්ස මුහුදු තීරයේ තෙල් ඉවතට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැල්ලවත්ත සහ ගල්කිස්ස මුහුදු තීරයන්හී ගොඩගසා තිබූ තෙල් තට්ටු මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නිවේදනය කරයි.

මේ වන විට එම මුහුදු ප්‍රදේශ ජනතාවට භාවිත කල හැකි මට්ටමේ පවතින බවත් , මෙම තෙල් කිසියම් නෞකාවකින් කාන්දු වූ ඒවා ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවත් එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සදහන් කළේය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මුහුදු තීරය පවිත්‍ර කිරීමේ කටයුතු සිදුකරනු ලැබීය.

මෙම තෙල් රජයේ ආයතනයක් වෙත හෝ පෞද්ගලික ආයතනයක් වෙත යොමු කර විනාශ කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කර තිබේ.