FAST NEWS

24×7 Around the Globe

හොරොව්පතාන ඕ.අයි.සී ට අල්ලස් දුන් සැකකරු රිමාන්ඩ්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අත්අඩංගුවේ පසුවු ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයකු මුදාහරින ලෙස ඉල්ලමින් හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිට අල්ලස් දීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින, හොරොව්පොතාන පදිංචි අබ්දුල් ගවුෆර් මොහොමඩ් නැමැත්තා ලබන 11 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අද (04) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ සැකකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලැබී ඇති බව විමර්ශ‍ණවලදී අනාවරණය වී ඇති හෙයින් ඒ සම්බන්ධ විමර්ශන අවසන් නැති බව කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැන්වීය.

එ අනුව ඔහු ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියෝග කළේය.