FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිෂන් සභාව විශේෂ රැස්විමක්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද (04) උදෑසන 10.30 ට පමණ ආරම්භ වු ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් මේ වන විට පැවැත්වෙන බව අප වාර්තාකරු පවසයි.

මෙම සඳහා ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, සෙසු සාමාජිකයින් වන සැමුවෙල් රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලීන් ජයන්ත අබේසේකර යන මහත්වරුන් එක්ව සිටින බව පැවසේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරිම සඳහා මෙම සාකච්ඡාව කැඳවා ඇති බව පැවසේ.

එමෙන්ම දැනට සිදු කෙරෙන ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු සම්බන්ධයෙන් මෙන්ම තවත් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය ගැනෙන බවද පැවසේ.