(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අලුගෝසු තනතුර සඳහා සුදුසුකම් ලැබ තිබෙන පුද්ගලයින් 26 දෙනාට ලබන 11 වනදා සිට ප්‍රායෝගික පුහුණුව ලබාදීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පැවසුවේය.
එම පුහුණුවෙන් අනතුරුව අලුගෝසු තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනකු බඳවා ගැනීමට නියමිතව බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කිරීමත් සමග අලුගෝසු තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනෙකු තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පසුගිය අප්‍රේල් මාසයේ පැවැත්වුණු අතර ඒ සඳහා අයදුම්පත් 79 ක් ඉදිරිපත්වී තිබේ.
අදාළ සම්මුඛ පරික්ෂණ සඳහා උපාධිධාරියෙකු ද පැමිණ සිටි බව වාර්තා විය.








