(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ඇතුලු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩු 05 ක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ විත්තියේ මූලික විරෝධතා ප්රතික්ෂේප කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
2010 සිට 2014 දක්වා කාලය තුළ සතොස ආයතනයේ සේවකයින් 150 දෙනෙකු දේශපාලන කටයුතු සදහා යොදා ගනිමින් රජයට රුපියල් කෝටි 04 ක් පාඩු කිරීමේ චෝදනා මත සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇත.
අගෝස්තු 09 වනදා නඩුව යළි කැඳවීමට නියමිතයි.
නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ සතොස ආයතනයේ හිටපු සභාපතිවරයෙතු වන එරාජ් ප්රියන්ත ප්රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ක්රියාකාරී අධ්යක්ෂවරයෙකු වන මොහිදීන් කාජා මොහොමඩ් ෆාකීර් යන අයයි.








