(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෑම රාජ්‍ය ආයතනයකටම බලශක්ති කළමණාකරුවකු බැගින් පත් කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.
එම කළමණාකරුගේ සහය සඳහා බලශක්ති සංරක්ෂණ කමිටුවක් පිහිටුවීමටද නියමිතව ඇත.
මෙම වැඩසටහන මගින් වාර්ෂිකව ගිගාවොට් පැය 300 ක බලශක්තියක් ඉතිරිකර ගැනීමට අපේක්ෂිත බව අමාත්‍යාංශය නිවේදනය කළේය.
එය ශ්‍රී ලංකාවේ දින දහයක සමස්ත විදුලි ඉල්ලුමට සමාන වේ.
මේ ඔස්සේ රජයේ කාර්යාලවල පෙර වර්ෂයට සාපේක්ෂව 10 % කින් විදුලිය සහ ඉන්ධන පරිභෝජනය අඩුකර ගැනීම ඉලක්කය බවද විදුලි බල අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.








