(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා නිරිතදිග මෝසම ස්ථාපිත වීමත් සමඟ පවතින වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු උවදුර පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 19,215 දෙනෙකු වාර්තා වී තිබේ.
මේ හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කළේය.
මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර, තම පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසට සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.








