(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍යධුර දැරූ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීමට ගත් තීරණය අවාසනාවක් බව ද්‍රවිඩ ජාතික සන්ධානය මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේය.
ඊයේ දමිළ ජනතාව, අද මුස්ලිම් ජනතාවත් හෙට වෙනත් පාර්ශ්වයක් මෙම අන්තවාදීන්ගේ පීඩනයට ගොදුරු වනු ඇති බවද හෙතෙම පැවසීය.
ද්‍රවිඩ ජාතික සන්ධානය මුස්ලිම් ජනතාව සමග සිටින බවත් නිවැරදි දැක්මක් සහිත ශ්‍රී ලාංකිකයන්ටත් එසේ කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.








