FAST NEWS

24×7 Around the Globe

විශේෂ තේරීම් කාරක සභාව හමුවට පොලීසියේ 04 ක් එති

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  අප්‍රේල් 21 වැනිදා එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට අද (04) දිනයේදි පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව් දෙනෙකු කැඳවා තිබේ.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නාලක ද සිල්වා යන මහත්වරුන් තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටිමට නියමිතය.

එසේම අද (04) දිනයේදිද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සමාන්‍ය පරිදි මාධ්‍යට විවෘත කිරීමට පියවර ගන්නා බව එම කමිටු ආරංචි මාර්ග පවසයි.

පසුගිය 29 වැනිදා රැස්වූ එම කාරක සභාව මාධ්‍යයට විවෘතකර තිබූ අතර එදින ආරක්ෂක අමාත්‍යාශයේ ලේකම් ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ සහ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරු සාක්ෂි ලබාදුන්හ.