FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාවට පැමිණීමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු රැගත් බෝට්ටුව ඔස්ට්‍රේලියා ප්‍රතිපත්ති සම්බන්ධ සිදු කළ “පරීක්ෂණයක්”

 

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – ඔස්ට්‍රේලියාවට පැමිණීමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු රැගත් බෝට්ටුව, මෙම මස මුලදී පැවති ඔස්ට්‍රේලියා මැතිවරණයෙන් පසුව අනවසර බෝට්ටු සම්බන්ධ ඔස්ට්‍රේලියා ප්‍රතිපත්තිය වෙනස් වී තිබේ දැයි බැලීමට සිදු කළ “පරීක්ෂණයක්” යැයි විශ්වාස කරන බව ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩටන් කියයි.

“මිනිස් ජාවාරම්කරුවන් කෙටි කාලීන ලේබර් පක්ෂ ආණ්ඩුවක් අපේක්ෂා කළ බවක් මට පැහැදිලියි. ඔවුන් සිදු නොවූ මේ කාරණය පිළිබඳ ව කලකිරීමට පත් වනු ඇති බවට කිසිදු සැකයක් නැත” යි ඔහු පවසා සිටියේ ය.

නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් නැවත ශ්‍රී ලංකාවට පිටත් කර තිබිණි. අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස රැගත් නීති විරෝධී යාත්‍රාව ඔස්ට්‍රේලියාවට පැමිණෙමින් තිබියදී අතර මගදී එය හසුකරගෙන ගැනීමට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක අංශ සමත් විය.එම යාත්‍රාවේ සිටි පිරිස අතරේ කුඩා බිළිඳෙකු ද සිටි බව එරට පුවත්පත වාර්තා කර තිබිණි.

සරණාගත රැකවරණය පතා පැමිණි බව පැවසෙන මෙම පිරිස දින කිහිපයක් ක්‍රිස්මස් දූපතේ රඳවා තබා අනතුරුව  පසුගිය මස අග දී විශේෂ ගුවන් යානයකින්කොළඹ වෙත පිටත් කළ බව වාර්තා වේ.

 

https://youtu.be/pV-feP9Ktj0